ගම් මට්ටමේ කාන්තා සංගම් සාමාජිකයින් සඳහා නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය.
නාවිතන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ ඇති ග්‍රාමීය මට්ටමේ කාන්තා සංගමයේ සාමාජිකයින් සඳහා නීතිය සම්බන්ධව දැනුවත් කිරීමේ සැසියක් 2023 සැප්තැම්බර් 19 වන දින නාවිතන්වේලි ප්‍රාදේශීය කාන්තා සංවර්ධන නිලධාරිනී ඩී. රොසයිරෝ මහත්මියගේ සම්බන්ධීකරණයෙන් නාවිතන්වේලි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම් ආර්. රකුලනායහි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් පී.ප්‍රනවරූබන් මහතාද සහභාගි විය. මෙම සැසියේ සම්පත් දායකයා ලෙස නීතිඥ එස් මනෝකරන් මහත්මිය සහභාගී විය. අක්කරෙයිපත්තු ඉස්ලාමීය සහන සංවිධානය මෙම අවස්ථාවට අනුග්‍රහය දක්වා තිබුණි.



















