“ගම් දහසක වැඩ දහසක්” වැඩසටහන යටතේ “Queen Kiddangi Park” සම්ප්‍රදායික ඇළ බෝට්ටු සවාරි ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන “ගම් දහසක වැඩ දහසක්” තේමාවට අනුව, නාවිතන්වෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සවලක්කඩේ හා සොරික්කල්මුනෙයි–01 ග්‍රාම නිලධාරී වසම් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක කරන ලද “Queen Kiddangi Park” නම් සම්ප්‍රදායික ඇළ බෝට්ටු සවාරි ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 2026 ජූනි 02 දින නාවිතන්වෙලි ප්‍රාදේශීය ලේකම් ශ්‍රීමති රාහුලනායකි සජින්ද්‍රන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 713484728 1374433588071386 7048862939123815037 n

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු එල්. ජී. වසන්ත පියතිස්ස මහතා සහභාගී වූ අතර, විශේෂ ආරාධිත අමුත්තා ලෙස අම්පාර දිස්ත්‍රික් ලේකම්/රජයේ නියෝජිත අනූපම මංගල වික්‍රමාරච්චි මහතා සහභාගී විය. එසේම අමාත්‍යාංශ ලේකම් බණ්ඩාර මහතාද මෙම අවස්ථාවට එක්විය.

තවද අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී ඒ. අයි. මහ්රූෆ්, සැලසුම් අධ්‍යක්ෂ එම්. ඒ. මුනාසීර්, ගණකාධිකාරී අයි. එම්. ෆාරිස්, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ඒ. ඒ. එච්. එම්. අධිකාරි, නාවිතන්වෙලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයි. රූබසන්තන්, සවලක්කඩේ පොලිස් ස්ථානාධිපති ඉන්ද්‍රජිත් ඩි සිල්වා, නාවිතන්වෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී කේ. රිස්වි යහ්සර්, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ශ්‍රීමති තිලකරාණි කෘපයිරාජා, පරිපාලන නිලධාරී ඕ. ජී. කීර්ති කුසුමින්ද, සමෘද්ධි මූලස්ථාන කළමනාකරු එස්. සිවම්, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පී. නිත්‍යාානන්දන්, සමාජ සවිබල ගැන්වීමේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමාජ සංවර්ධන සභා සභාපතිවරුන්, මාධ්‍යවේදීන් සහ විශාල ජනතාවක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම වැඩසටහනට සමගාමීව, නාවිතන්වෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත තවත් ව්‍යාපෘති කිහිපයක සමාරම්භක අවස්ථාද එදිනම ප්‍රාදේශීය ලේකම්වරිය සහ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව,

• සොරික්කල්මුනෙයි–03 ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම සංවර්ධන සමිතිය හරහා දැව වැඩ කුසලතා හා අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතිය,

• මධ්‍යමුකම්–03 ග්‍රාම නිලධාරී වසමේ බලපෑමට ලක් වූ කාන්තා ප්‍රධානත්වයෙන් යුත් පවුල් සඳහා යෝගට්, ගිතෙල් සහ මිල්ක් ටොෆි නිෂ්පාදන ව්‍යාපෘතිය,

• නාවිතන්වෙලි–02 ග්‍රාම නිලධාරී වසමේ පොල් ආශ්‍රිත අගය එකතු කිරීමේ හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම,

යන ව්‍යාපෘති ආරම්භ කිරීම සිදු කරන ලදී.

මෙම අවස්ථාවන් සඳහා සමාජ සවිබල ගැන්වීමේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ප්‍රජාශක්ති සභාපතිවරුන්, සමාජ සංවර්ධන සභා සාමාජිකයින් සහ ප්‍රදේශවාසී ජනතාව සහභාගී වූහ.

▶ View Full image gallery of the event

News & Events

Scroll To Top