නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුම ආරම්භ කිරීම
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ ආරම්භක උත්සවය 2026 ජූලි 27 වන දින නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම් රාහුලනායහි සජින්දන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම උත්සවයේදී, ජාතික කොඩිය එසවීම සහ ජාතික ගීය වාදනය කිරීම සිදු කෙරිණි. ඉන් අනතුරුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සුපිළිපන් දිවුරුම / ප්‍රතිඥාව ලබා දුන් අතර ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් “සුපිළිපන් නිතීගරුක රාජ්‍ය සේවයක්” යන තේමාව යටතේ විශේෂ දේශනයක් ද පවත්වන ලදී
නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් සී. නිරූපා මහත්මිය, ගණකාධිකාරී කේ. රිස්වි යහ්සර් මහතා, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂිකා තිලකරාණි කිරුබයිරාජා මහත්මිය, පරිපාලන නිලධාරී ඕ. ජී. කේ. කුසුමින්ද මහතා, සමෘද්ධි මූලස්ථාන කළමනාකාර එස්. සිවම් මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
















