විශේෂ අවශ්‍යතා ඇති සිසුන් එක්රැස් කරන සංස්කෘතික උත්සවයක්
නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සදහා සංස්කෘතික උත්සවයක් 2024.06.25 දින අම්/සතු/රාණමඩු හින්දු විද්‍යාලයේදී, විදුහල්පති කේ.කතිරෙයිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ඒ සදහා ප්‍රධාන ආරාධිත සම්මන්තුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.මහේන්තිරකුමාර් මහතා ද, විශේෂ ආරාධිත DEAFLINK සමාගමේ සම්බන්ධිකාරක රී.ඉලෙයරාජා මහතා ද, ගෞරව ආරධිත නාවිදන්වෙලි සහකාර ප්‍රාදේශීය ලේකම් පී.පිරුනවරූපන් මහතා ද, සහභාගීවිය.ඒ සදහා ප්‍රධාන ආරාධිත සම්මන්තුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.මහේන්තිරකුමාර් මහතා ද, විශේෂ ආරාධිත DEAFLINK සමාගමේ සම්බන්ධිකාරක රී.ඉලෙයරාජා මහතා ද, ගෞරව ආරධිත නාවිදන්වෙලි සහකාර ප්‍රාදේශීය ලේකම් පී.පිරුනවරූපන් මහතා ද, සහභාගීවිය.එහිදී විශේෂ අවශ්‍යතා සිසුන් විසින් සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි. එයින් සියලු ආගම් අතර සහජීවනය පිළිඹිබු වූ අංග ඇතුලත් වූ අතර, ඔවුනොවුන්ගේ ආහාර රටා ද ප්‍රදර්ශනය කළේය.
එම උත්සවය සදහා හින්දු කමු/සතු/රාණමඩු විද්‍යාලයේ සහ වීරත්තිඩල් අල් හිදායා මහ විද්‍යාලයේ ගුරුභවතුන්, සිසුසිසුවියන් හා දෙමාපියන් ද, නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ද සහභාගී විය. මේ සදහා පූර්ණ අනුග්‍රහය දැක්වුයේ DEAFLINK සමාගම විසිනි.





















