නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වසර සඳහා රාජකාරි ආරම්භ කිරීමේ නිල උත්සවය

2026 වර්ෂයේ පළමු වැඩ කරන දිනය වෙනුවෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය, ප්‍රාදේශීය ලේකම් රාහුලනායගි සජින්ද්‍රන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි මස 01 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ විය. මෙහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් විසින් රජයේ සේවා දිවුරුම ලබා දීම ද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී කේ. රිස්වි යාසර් මහතා, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ තිලගරාණි කිරුබායිරාජා මහත්මිය, පරිපාලන නිලධාරී ඕ.ජී.කේ. කුසුමින්ද මහතා, සමෘද්ධි මූලස්ථාන කළමනාකරු එස්. සිවම් මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ කාර්යාලීය කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

flag_hoisting_image

Image Gallery of the event

 

News & Events

Scroll To Top