74 වැනි නිදහස් දින උත්සව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් නාවිතන්වේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රධාන නිදහස් දින උත්සව පෙබරවාරි 04 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
නාවිතන්වේලි ප්‍රාදේශීය ලේකම් එස්.රංගනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ජාතික ධජය එසවීම සහ ජාතික ගීය වාදනය කිරීමද සිදුවිය. නිදහස වෙනුවෙන් සටන් කළ රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්ද උපහාරයක් ද පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම්වරයා නිදහස් දිනය වෙනුවෙන් විශේෂ දේශනයක් පැවැත්වීය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් පී.ප්‍රනවරූපන්, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂිකා ආර්.ලතාකරන් මහත්මිය, පරිපාලන නිලධාරී කේ.යෝගේෂ්වරන්, පරිපාලන ග්‍රාම නිලධාරී මනෝජ් ඉන්ද්‍රජිත්, සමෘද්ධි මූලස්ථාන කළමනාකාර එස්.සිවම්, සමෘද්ධි කළමනාකරුවන්, ප්‍රාදේශීය ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරීන් ඇතුළු සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය සහභාගී විය.
මේ අතර, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ, නාවිතන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 20 ක නිදහස් උත්සව ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
.




















